Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

60 ඉක්ම වූ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ චක්‍රලේඛය ඉදිරි දින දෙක තුළ  

Add comments

වයස අවූරුදු 60 ඉක්ම වූ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ චක්‍රලේඛය ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.

ඊට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැඩිදුරටත් දැනූම් දෙන්නේ.

රාජ්‍ය සේවකයන් 18,000 ත් 20,000 අතර සංඛ්‍යාවක් වාර්ෂිකව විශ්‍රාම යාම සිදු වුණා.එහෙත් විශ්‍රාම යන වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමත් සමග එම සංඛ්‍යාව කිහිප ගුණයකින් අඩු වූ බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසන්නේ.

කෙසේ වෙතත් අතුරු අයවැයෙන් යෝජනා කළ පරිදි රාජ්‍ය සේවයේ විශ්‍රාමික වයස අවුරුදු 60 දක්වා අඩුකිරීමේ චක්‍ර ලේඛය නිකුත් කිරීමත් සමග වාර්ෂිකව විශ්‍රාම යන සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යනු ඇති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තවදුරටත් සදහන් කරන්නේ.විශ්‍රාමික පාරිතෝෂික ගෙවීම් සදහා වසරකට රුපියල් බිලියන 17 ක් පමණ අවශ්‍ය වනවා.

පසුගිය මාස 08 තුළ පාරිතෝෂික ගෙවීම සදහා රුපියල් මිලියන 1135 ක් වැය කර ඇති බවද අදාළ වාර්තා සදහන් කරනවා.

සුබසාධන ගෙවීම් ද රාජ්‍ය ආදායමේ තරමට දරාගත නොහැකි මට්ටමේ පවතින බැවින් එවැනි ආධාර ලැබිය යුත්තේ සුදුස්සන්ටම ද යන්න  පිළිබඳ සමීක්ෂණයක් ඉදිරි මාස 3 ඇතුළත සිදු කර එම නාම ලේඛණය යළි සකස් කිරීමට ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

The post 60 ඉක්ම වූ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ චක්‍රලේඛය ඉදිරි දින දෙක තුළ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG