චීනයේ චෙන්ග්ඩු නගරයට භූ කම්පනයකින් හානි සිදු වුවද නගරයට පනවා ඇති නිරෝධායන නීති ලිහිල් නොකිරීම සම්බන්ධයෙන් ජනතාව දැඩි විරෝධය පළ කරනවා.
භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු අතර 300 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබුවා.
කෙසේ වුවද පසුගිය සතියේදී කොරෝනා වයිරස ආසාදිතයින් වාර්තාවීමත් සමග චෙන්ඩු නගරය වසර දැමීමටයි බලධාරීන් පියවර ගත්තේ.
ඒහේතුවෙන් මිලියන 21 කට ආසන්න පිරිසකට නිවෙස් තුළට වී කාලය ගත කිරීමට සිදුව තිබෙනවා.
භූ කම්පනයෙන් සිදු වූ හානි සමග නගර වැසියන් දැඩි පීඩාවට පත්ව සිටියද ඔවුන්ට තම නිවෙස්වලට පිටතට පැමිණීමට බලධාරීන් ඉඩ ලබා දී නැහැ.
ඇතැම් නගර වැසියන් නගරයෙන් පළායාමට උත්සාහ දරා ඇති බවද සඳහන්.
The post භූ කම්පනයක් සිදුවුවත් චීනයේ චෙන්ග්ඩු නගරවාසීන්ට නිවසින් පිටවෙන්න අවසර නැහැ appeared first on ITN News.
Post a Comment