Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ ආනයන හා අපනයන වටිනාකම ඉහළට  

Add comments

මෙම වසරේ මුල් මාස අට තුළ චීනයේ විදේශ වෙළෙඳ ආනයන හා අපනයනවල නිමැවුම යුවාන් ට්‍රිලියන 27.3 ක් වන බව චීන රේගු පොදු පරිපාලනය ප්‍රකාශ කරයි. එය ගිය වසරේ සමාන කාලයට වඩා 10.1% ක වැඩිවීමකි. අද (7) නිකුත් කෙරුණු දත්තවලට අනුව, අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 15.48 ක් වන අතර එය 14.2% ක වැඩිවීමකි. ආනයන යුවාන් ට්‍රිලියන 11.82 ක් වන අතර එය 5.2% ක වර්ධනයකි. මෙම වසරේ මුල් මාස අට තුළ, චීනය ආසියාන් සංවිධානය, යුරෝපා සංගමය, ඇමරිකාව සහ දකුණු කොරියාව සමග සිදු කළ ආනයන සහ අපනයන වටිනාකම් පිළිවෙලින් ගිය වසරේ සමාන කාලයට වඩා 14%, 9.5%, 10.1% සහ 7.8% කින් වැඩි වී තිබේ.

ආසියාන් සංවිධානය තවදුරටත් චීනයේ විශාලතම වෙළඳ හවුල්කරු වන අතර, එය චීනයේ සමස්ත විදේශ වෙළඳාමෙන් 15%කි. එම කාලය තුළ, චීනය “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ හා සම්බන්ධ රටවල් සමග සිදු කළ ආනයනය සහ අපනයනය 20.2% කින් ඉහළ ගොස් ඇත. කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමේ සෙසු සාමාජික රටවල් 14 සමඟ සිදු කළ වෙළඳාම 7.5% කින් වැඩි වී ඇත.

The post චීනයේ ආනයන හා අපනයන වටිනාකම ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG