Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරියට ජනපති රනිල්ගෙන් සුබ පැතුම්  

Add comments

එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් පිරිනැමුවා.

එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍ය ධුරයට මෙන්ම කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත්වූ එළිසබෙත් ට්‍රස්  මහත්මියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය හවුල් ඉතිහාසයකින් බැදි දීර්ඝ කාලීන මිත්‍ර සබදතාවකට හිමිකම් කියන බවයි ජනාධිපතිවරයා යොමුකළ සුබපැතුම් පණිවුඩයේ සදහන් වන්නේ.

කැබිනට් අමාත්‍යංශ ගණනාවක සේවය කරඇති ට්‍රස් මහත්මිය ලබා ඇති අත්දැකීම් හා පරිනතභාවය ඇයට ජනතා අභිලාෂයන් ඉටු කිරීමට මනා පිටිවහලක් වනු ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් සමග බ්‍රිතාන්‍ය ක්‍රියාත්මක කර තිබෙන නව ප්ලැටිනම් හවුල්කාරීත්ව යෝජනා ක්‍රමය යටතේ එක්සත් රාජධානිය සමග තිබෙන සබදතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවද අදාළ සුබපැතුම් පණිවුඩයෙන් අවධාරණය කර තිබෙනවා.

එක්සත් රාජධානිය මෑතකදී ප්‍රකාශයට පත්කළ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළද යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාව ප්‍රතිලාභි රටක් ලෙස ඇතුළත් කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ඇගයීමට ලක්කර තිබෙනවා.

 

 

The post එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරියට ජනපති රනිල්ගෙන් සුබ පැතුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG