ණය ප්‍රතිව්‍යුගතකරණය සදහා සහාය ලබා දෙන බව ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබෙනවා.
මේ අතර විස්තීරණ අරමුදල් පහසුකමක් හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයට ඇමෙරිකා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සිය ප්‍රසාදය පල කර තිබෙනවා.
ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආර්ථික අර්බුදය විසදීම සදහා ලෝක බැංකුව ආසියා සංවර්ධන බැංකුව සහ ඇමෙරිකා මූල්‍ය ආයතනවල සහාය ලබා දෙන බව ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම්වරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ නිල ද්වීපාර්ශ්වික ණය හිමියන් සදහා සම්බන්ධීකරණ වේදිකාවක් උදෙසා වන ජනාධිපතිවරයාගේ යෝජනාව ඇමෙරිකාව පිළිගනී. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසයි ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම්වරිය ඉල්ලා ඇත්තේ.
ඇමෙරිකාව සිය ප්‍රතිපත්තිවලට අනුකූලව මූල්‍ය සහතික කිරීම කඩිනම් කිරීම යන පොදු ඉලක්කය ශ්‍රී ලංකාව සමග බෙදා ගනිමින් පැරිස් සමාජයේ සෙසු සාමාජිකයන් හා සම්බන්ධ වීමට සූදානම්ව සිටි.
එක්සත් ජනපද භාණ්ඩාගාරය ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීම සදහා සෙසු රාජ්‍ය ආයතන මෙන්ම ලෝක බැංකුව හා ආසියා සංවර්ධන බැංකුව සමග අඛණ්ඩව සම්බන්ධවීමට ප්‍රතිඥා දී තිබෙනවා. පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීමට දැනටමත් සහාය ලබාදී තිබෙනවා.
ගැබිනි කාන්තාවන් හා කිරිදෙන මව්වරුන් සදහා ආහාර වව්චර ලබාදීම, කුඩා හා මධ්‍ය පරිමාන ගොවීන්ට පොහොර හා මුදල් ලබාදීම ආදිය සදහා ද සහාය දී ඇති බවයි ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම්වරිය ජනාධිපතිවරයා හමුවේ තවදුරටත් පවසා ඇත්තේ.
The post ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඇමෙරිකාවේ පූර්ණ සහාය – ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් appeared first on ITN News.
Post a Comment