Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංවර්ධනයට බාධාවන චක්‍රලේඛ වහාම සංශෝධනය කරන්න- ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්  

Add comments

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වී ඇත්නම් එම චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඉන්දීය ආයෝජන සහයෝගීතාව මත රට තුළ ක්‍රියාත්මක සහ යෝජිත සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය විමසා බැලීමට අද (09) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.එම සාකච්ඡාව සඳහා ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජේකෝබ් මහතා ද සහභාගී විය.

ඉන්දීය ආයෝජන මත මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය සම්බන්ධයෙන් මතුව ඇති බාධා කඩිනමින් නිරාකරණය කර ගැනීමට පියවර ගන්නා ලෙස මෙහිදී ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා රාජ්‍ය නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පසුගිය රජයන් විසින් වරින් වර නිකුත් කර ඇති චක්‍රලේඛවල ඇතුළත් විධිවිධාන සංවර්ධනයට බාධාවක් වී ඇත්නම් ඒවා කඩිනමින් නිවැරදි කර ගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහූ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

The post සංවර්ධනයට බාධාවන චක්‍රලේඛ වහාම සංශෝධනය කරන්න- ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG