පසුගියදා රටපුරා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ රාජ්‍ය දේපළවලට හා දේශපාලනඥයන්ගේ දේපළවලට හානි කළ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු පොලිසිය අත්අඩංගුට ගත්තා.
පසුගිය ජූලි මස 09 වනදා ඇතිවූ ප්‍රචණ්ඩකාරී හා කළහකාරී සිදුවීම් අතරතුර ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවී එහි දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 49ක් වන ඔහු කොළඹ 7 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කොළඹ අපරාධ කොට්ඨාසය මගිනුයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ නිවසට ගිනි තබා හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මැයි මස 9 වනදා අලව්ව ප්‍ර දේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට පහරදී ගිනි තබා විනාශ කළා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අලව්ව උඩගංකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
The post රාජ්‍ය දේපළවලට හා දේශපාලනඥයන්ගේ දේපළවලට හානි කළ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුට appeared first on ITN News.
Post a Comment