වෙනිසියුලාවේ සිදුවූ නාය යෑම් හා ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 22නෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
වෙනිසියුලාවේ කරාකස් නගරයට බලපා ඇති අධික වර්ෂාවත් සමග නාය යාම් හා ගංවතුර තත්ත්වයක් හටගත්තා. පුද්ගලයින් 52 නෙකු අතුරුදන්ව ඇති බවයි සහන කණ්ඩායම් සදහන් කරන්නේ. ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. දහසකට ආසන්න සංඛ්‍යාවක් සහන කටයුතු සදහා කැඳවා තිබෙනවා. අධික ගංවතුරත් සමග කරාකස් නගරයේ එක් ගම්මානයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. අධික වර්ෂාව ඇති වීමට ලා නීනා කාලගුණ රටාව බලපා ඇති බව කාලගුණ අංශ නිවේදනය කරනවා.
The post වෙනිසියුලාවේ සිදුවූ නාය යෑම් හා ගංවතුර හේතුවෙන් 22නෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment