දිවයිනේ ආගමික සිද්ධස්ථාන සඳහා විදුලි බිලෙන් සහනයක් ලබා දෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
මසකට ඒකක 180 කට වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරන ආගමික ස්ථාන පොදු කාර්ය කාණ්ඩය යටතට පත් කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
2022 අගෝස්තු 10 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ආගමික ස්ථාන සඳහා අදාළ විදුලි ගාස්තු ඒකකයකට රු.32/- ක් වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
අගෝස්තු මාසයේ සිදු වූ නවතම විදුලි ගාස්තු සංශෝධනයෙන් පසු රු. මසකට ඒකක 180කට වඩා පරිභෝජනය කරන ආගමික ස්ථානවලට ඒකකයකට රුපියල් 65/- බැගින් පනවා තිබුණි.
මෙම වෙනස මගින් ඒකක 180කට වඩා වැඩි පරිභෝජනයක් ඇති ආගමික ස්ථානවල විදුලි බිල අඩකට වඩා අඩු කිරීමට හැකිවනු ඇති බවයි ජානක රත්නායක මහතා පවසන්නේ.
කෙසේවෙතත් මාසිකව විදුලි ඒකක 180 ට අඩුවෙන් පරිභෝජනය කරන ආගමික සිද්ධස්ථාන සාමාන්‍ය ක්‍රමවේදය අනුව විදුලි බිල ගෙවිය යුතු බවත් ජනක රත්නායක මහතා ප්‍රකාශ කළා.
The post ආගමික සිද්ධස්ථානවල විදුලි බිලට සහනයක් appeared first on ITN News.
Post a Comment