රුසියාව සහ ක්‍රිමියාව යා කරන යුරෝපයේ දිගම පාලම ලෙස සැලකෙන පිපිරීමට ලක් වු කර්ච් පාලමේ කොටසක් නැවතත් ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.
පාලමේ ආරක්ෂාව තහවුරු කර ඇති බව රුසියා ජනාධිපතිවරයා අවධාරණය කරනවා. ඊයේ සිදු වූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 3 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
රුසියාව සහ ක්‍රිමියාව යා කරන යුරෝපයේ දිගම පාලම ලෙස සැලකෙන කර්ච් පාලමට පිපිරීමෙන් හානි සිදු වුණා. රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ගේ නියෝගය මත මෙම පාලම ඉදිකර තිබූ අතර යුක්රේනයට එරෙහි යුද්ධය සදහා අවි ආයුධ ප්‍රවාහනය කළ ප්‍රධානතම මාර්ගයක් වන්නේ මෙයයි. එමෙන්ම 2014 වසරේ දී රුසියාව විසින් ක්‍රිමියාව ඈඳාගැනීමේ සංඛේතය ලෙසද මෙම පාලම සැලකෙනවා. මෙම පිපිරීම සිදුව ඇත්තේ පාලම හරහා ධාවනය වෙමින් තිබු ඉන්ධන රැගත් ට්‍රක් රථයක් පිපිරීමට ලක් වීමෙනුයි. එම පිපිරීම සමග පාලමට ඉහළින් පිහිටා තිබූ දුම්රිය මාර්ගයේ ගමන් කළ ඉන්ධන දුම්රියට ද ගින්න පැතිර ගියා. කෙසේවෙතත් මේ පිළිබඳ රුසියා ආරක්ෂක අංශ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පිපිරීමෙන් පාලමේ කිලෝමීටර් 19ක ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ඉන් සිදු ඇති හානිය ඇමෙරිකා ඩොලර් මිලියන 8ක් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ වන විට එම පාලමේ කොටසක් ගමනාගමනය සඳහා විවෘත කර තිබෙන අතර දුම්රිය ගමනාගමනය අද පස්වරුව වන විට ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.
The post යළි ගොඩනැගෙන යුරෝපයේ දිගම පාලම appeared first on ITN News.
Post a Comment