Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර ආනයනයට රජයෙන් පියවර  

Add comments

ලබන මහ කන්නය සදහා තවත් පොහොර මෙට්‍රික් ටොන් 12,500ක් ගෙන්වීමට පියවර

ලෝක බැංකු ප්‍රතිපාදනය යටතේ මිලදී ගන්නා පොහොර මෙට්‍රික් ටොන් 12,500ක් තව දින කිහිපයක් ඇතුළත දිවයිනට ලගා වනු ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ. ඉන්දීය ණය ආධාර යටතේ දිවයිනට ගෙන්වූ පොහොර තොගයෙන් අනතුරුව දිවයිනට ගෙන්වනු ලබන පළමු පොහොර තොගය මෙයයි. මහ කන්නය සදහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් එක් ලක්ෂ පනස්දාහක් ගෙන්වීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මෙවර මහ කන්නයේ දී සියයට හැත්තෑවක් රසායනික පොහොරත් සියයට තිහක් කාබනික පොහොරත් වී වගාව සදහා යෙදවීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිර්දේශ කර ඇත්තේ. පොහොර ගෙන්වීම සදහා ඉදිරිපත් කළ පළමු ටෙන්ඩරය අසාර්ථක වූ අතර දෙවන ටෙන්ඩරයෙන් මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර ආනයනය කිරීම සදහා සමාගම් තුනක් තෝරාගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීම මහතා පවසනවා. එම සමාගම් පිළිබද තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර උතුරු පළාතේ මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ජලය නිකුත් කිරීම පිළිබද සාකච්ඡාවක් කිලිනොච්චි ප්‍රාදේශිය ලේකම් රූපවතී කේදීශ්වරන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. උතුරු පළාතේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ප්‍රධාන වශයෙන් ජලය සපයන්නේ ඉරණමඩු ජලාශයෙන්. ඉදිරියේ දී ගොවිතැන් කටයුතු නිසි කාලවල දී ආරම්භ කරන ලෙසත් එසේ වුවහොත් ජලය ක්‍රමවත්ව ලබාදිය හැකි බවත් කේදීශ්වරන් මහත්කමිය පවසනවා. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

The post මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර ආනයනයට රජයෙන් පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG