රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හා ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවක වැටුප් ගෙවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හා ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවකයින්ට හිඟ වැටුප් ගෙවීම් සදහා මහාභාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1232 ක මුදලක් අනුමත කර ගැනීම සදහායි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ. ඒ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මෙහෙයවීම මතයි.
මෙම වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසය දක්වා ආයතන දෙකෙහි සේවක වැටුප් ගෙවීමට රුපියල් මිලියන 164 ක මුදලක් අවශ්‍ය වනවා.ඔක්තෝබර් සිට ලබන වසරේ මාර්තු දක්වා වැටුප් ගෙවීමට අවශ්‍ය මුදල රුපියල් මිලියන 1068 ක්.
මෙම ආයතන දෙක රජයේ සතු ඉදිකිරීම් කටයුතුවල නිරත වන ආයතන දෙකක් වන අතර පසුගිය වසර කිහිපය තුළ බලපෑ අයහපත් බලපෑම් හේතුවෙන් සීමිත ක්‍රියාකාරකම් මත සේවකයින්ගේ මූලික පිරිවැය පමණ උපයාගැනීමටයි හැකියාව ලැබී ඇත්තේ.
ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය යටතේ එක් ආයතනයක් ලෙස ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
The post රාජ්‍ය ඉංජිනේරු හා යන්ත්‍රෝපකරණ සේවක වැටුප් ගෙවීමට කැබිනට් පත්‍රිකාවක් appeared first on ITN News.
Post a Comment