බෙලරූස් රාජ්‍ය හා රුසියාව එක්ව ඒකාබද්ධ හමුදා කණ්ඩයක් පිහිටුවන බව බෙලරූස් ජනාධිපතිවරයා නිවේදනය කරනවා.
බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ සඳහන් කරන්නේ බෙලරූස් රුසියා බටහිර දේශසීමාවන්හි ආරක්ෂාව තහවුරු කිරීමට මෙම ඒකාබද්ධ හමුදා කාර්ය සාධක බලකාය යොදාගන්නා බවයි. ඒ සදහා අවශ්‍ය මූලික පියවර මේ වනවිටත් ගෙන ඇති බව ඔහු පවසනවා.
යුක්රේනය බෙලරූස් රාජ්‍ය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ලකිරීමට සූදානමක් පවතින බවටයි බෙලරූස් ජනාධිපතිවරයා චෝදනා කරන්නේ.
පසුගියදා ක්‍රිමියාවේ කර්ච් පාලම ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව රුසියාව මෙන්ම බෙලරූස් රාජ්‍යය ද තම ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බව දක්නට ලැබෙනවා.
The post බෙලරූස් හා රුසියාව එක්ව ඒකාබද්ධ හමුදා කණ්ඩයක් පිහිටුවීමට පියවර appeared first on ITN News.
Post a Comment