Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24 ට ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් ලක්ෂ 5ක්  

Add comments

දෛනිකව ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ දී ලොව පුරා රටවල් 228 කින් හමුව ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ පහකට ආසන්නයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,015 ක්.

ගතවූ පැය 24 ට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ජර්මනියෙන්.

ඊයේ දිනයේ දී එරටින් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 136,748 ක්. එමෙන්ම ප්‍රංශයෙන් 94,000 ක් ඉතාලියෙන් 65,000 ක් හා තායිවානයෙන් 41,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා.

ජර්මනියෙන් වාර්තා වූ කොරෝනා මරණ 199 ත් සමග ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටපන් ලක්ෂ හැටතුන් දහස් හත්සියය ඉක්මවා ගියා. හමුවී ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හැටදෙකෝටි හැත්තෑ හත්ලක්ෂයකට ආසන්නයි.

The post ගතවූ පැය 24 ට ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් ලක්ෂ 5ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG