Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වුණා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150 ක් සමඟයි.

රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් වැඩිදුර පරීක්ෂණ සදහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරුණු අතර මෙම සැකකරුවන් දෙදෙනා සහස්පුර රත්නසිරි නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයින් බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය සදහන් කළේ. ‍

 

The post අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG