ඕස්ට්‍රේලියාවේ ඇද හැලෙන මහා වැසි නිසා ප්‍රාන්ත තුනක ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යොමුවීමට රජය දැනුම්දී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය වර්ෂාපතනයට වඩා තුන් ගුණයක් මේ වන විට බොහෝ ස්ථානවලට ලැබෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ලානිනා කාලගුණ තත්ත්වයක් හේතවෙන් මෙම දැඩි වර්ෂාපතනය ඇති වන බව කාලගුණ අංශ සඳහන් කළා. ඕස්ට්‍රේලියාවේ දෙවන වැඩිම ජනගහනයක් සිටින වික්ටෝරියා ප්‍රාන්තයට අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ල වුණා. ඇතැම් ප්‍රදේශවල විදුලි සම්බන්ධතා බිඳ වැටී ඇති අතර ජල ගැල්ම නිසා ගමනාගමනය ද ඇණහිට තිබෙනවා.
The post අයහපත් කාලගුණය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තුනක ජනතාවට දැඩි බලපෑම් appeared first on ITN News.
Post a Comment