Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක බිත්තර දිනය වෙනුවෙන් ගැබිණි මව්වරුන් 500කට කෘෂිකර්ම ඇමතිගෙන් ආහාර මල්ලක්  

Add comments

ලෝක බිත්තර දිනය සෑම වර්ෂයකම ඔක්තෝබර් 14 දිනට යෙදී තිබේ. 1996 දී වියෙනා නුවර දී පළමු වරට බිත්තර සම්බන්ධව ජාත්යන්තර දිනයක් වෙන් කළ යුතුයැයි IEC – International Egg Conference හි දී තීරණය කරනු ලැබීය.
එතැන් පටන් සෑම වසරකම සෑම වසරකම ඔක්තෝබර් මාසයේ දී ලෝක බිත්තර දිනය අනෙකුත් බොහෝ රටවල් සමරනු ලැබුවත් ශ්රී ලංකාවේ කිසිදු අවස්ථාවක මෙම දිනය සැමරීම සඳහා වැඩ සටහන් සංවිධානය කර නැත.
ඒ නිසා බොහෝ දෙනෙක් බිත්තර සම්බන්ධව අන්තර් ජාතික දිනයක් වෙන් කර ඇතැයි යන්න ද නොදනී.
කෙසේ වුවද බිත්තර යනු අඩු මුදලකට උපරිම පෝෂ්ය පදාර්ථ සහිත ආහාරයකි. බිත්තර යනු සෙලෙනියම්, විටමින් A, D, K, B6, සහ B12; and ඛනිජ වන zinc, iron, and copper වලින් යුත් පෝෂ්යදායී ආහාරයකි. වැදගත්ම දෙය වන්නේ පුද්ගල මතකය වර්ධනය කරන choline නැමැති රසායනිකය බිත්තරවල අන්තර්ගත වීමයි.
ශ්රී ලංකාවේ වාර්ෂික බිත්තර නිෂ්පාදනය මිලියන 1000 – 2000 අතර පවතී. මේ වනවිට අපේ රටේ වාර්ෂික ඒක පුද්ගල බිත්තර පරිභෝජනය බිත්තර 174ක් පමණ වේ.
එහෙත් පසුගිය 2021, 22 මහ කන්නයේ දී රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් ශ්රී ලංකාවේ බඩඉරිඟු හා සෝයා වගාව අඩපණ වූ බැවින් මේ වනවිට බිත්තර නිෂ්පාදනය හා කුකුළු මස් නිෂ්පාදනය දැඩි අර්බුදයකට මුහුණ පා තිබේ.
මෙම වසරේ ජුලි මාසය වන විට මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 164ක් හා කුකුළු මස් නිෂ්පාදනය මෙට්රික් ටොන් 18ක් දක්වා අවම වී තිබේ. නමුත් මෙම වසරේ අප්රේල් මාසයේ දී මෙරට කුකුළු මස් නිෂ්පාදනය මෙට්රික් ටොන් 21ක් හා බිත්තර නිෂ්පාදනය මිලියන 220ක් දක්වාත් ඉහළ මට්ටමක පැවැතිනි.
2021 අපේ රටේ වාර්ෂික බිත්තර නිෂ්පාදනය මිලියන 2,934ක් වුවද , 2022 සත්ව ආහාර හිඟය නිසා බිත්තර නිෂ්පාදනය මිලියන 1,963ක් දක්වා සියයට 34කින් අවම විය.
කෙසේ වුවද අපි තවමත් බිත්තර හා කුකුළුමස් නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත තත්ත්වයක පවතී.
ලෝක බිත්තර දිනය සමරමින් අද දින ප්රධාන සමරු වැඩ සටහන අඟුණකොළපැලැස්ස පුරහලේ දී පැවැත්වෙන අතර එහිදී ගැබිණි මව්වරුන් 500කට කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්ය මහින්ද අමරවීර මහතා අතින් පෝෂ්යදායී ආහාර ඇතුළත් ආහාර මල්ලක් බැගින් ලබා දීමට පියවර ගෙන ඇත.
මෙම වැඩ සටහන හෙට දින පෙරවරු 10,00ට අගුණකොළපෑලැස්ස පුරහලේ දී අමාත්ය මහින්ද අමරවීර මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

The post ලෝක බිත්තර දිනය වෙනුවෙන් ගැබිණි මව්වරුන් 500කට කෘෂිකර්ම ඇමතිගෙන් ආහාර මල්ලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG