Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට කළ යුතු දේ ගැන ඇමති බන්දුල කියයි  

Add comments

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව නව ක්‍රමෝපායන් පිළිබඳ අවධානය යොමු කළ යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ තැපැල් මූලස්ථානයේ පැවැති ලෝක තැපැල් දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින් රට බරපතල මුල්‍ය අර්බුදයකට ලක් වී ඇති බැවින් ඉදිරියේ දී සෑම රාජ්‍ය ආයතනයක්ම මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.

තැපැල් කාර්යාල බහුවිධ සංවර්ධන මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට සහ තැපෑල ඩිජිටල්කරණය සඳහා සූදානම් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ඉදිරියේ දී මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරන රියදුරු බලපත්‍ර කුරිය සේවා මගින් එස්. එල්. පෝස්ට් ලෙස ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

මෙවර තැපැල් දිනය සැමරුම පැවැත්වුණේ 148 වෙනි වතාවටයි. මිහිකතට ඇපෑලක් යන තේමාව යටතේ සැමරුම් උත්සව පැවැත්වුණා. ජාත්‍යන්තර ලිපි ලිවීමේ තරඟවලින් ජයග්‍රහණ ලැබූ දූ දරුවන්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීම ද මෙහි දී සිදුවුණා.

තැපැල් සේවය වෙනුවෙන් මහඟු සේවයක් කළ සේවකයන් ඇගයීමද මෙහි දි සිදුවුණා. රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, තැපැල්පති රන්ජිත් ආරියරත්න යන මහත්වරුන්  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

The post රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට කළ යුතු දේ ගැන ඇමති බන්දුල කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG