කරන්දෙණිය කොටවෙල ප්‍රදේශයේ නිවසක් ගිනි තබා විනාශ කර තිබෙනවා.
දෙපිරිසක් අතර බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම නිවසට ගිනිතබා ඇති බවයි වාර්තා වන්නේ. නිවසේ හිමිකරු පැමිණිල්ලක් සිදු කිරීම සදහා පොලීසියට ගිය අවස්ථාවේදී මෙම නිවසට ගිනි තබා තිබෙනවා.
ගින්නෙන් නිවස මුළුමනින්ම විනාශයට පත් වුණා. එමෙන්ම අත්ටැක්ටරයකට හා යතුරු පැදියකට ද ගිනිතබා තිබෙනවා. සිද්ධියේ සැකකරු ද තුවලා ලබාඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ
The post කරන්දෙණිය කොටවෙල ප්‍රදේශයේ නිවසක් ගිනි තබා විනාශ කෙරේ appeared first on ITN News.
Post a Comment