Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාරිභෝගික අධිකාරියේ බිත්තර මිලට බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය එකඟ නොවෙයි  

Add comments

පාරිභෝගික සේවා අධිකාරිය බිත්තර සදහා ලබාදී ඇති නව මිල ගණන් සම්බන්ධයෙන් එකගවිය නොහැකි බව බිත්තර නිෂ්පාදකයකන්ගේ සංගමය අභියාචනාධිකරණය හමුවේ අද ප්‍රකාශ කළා.

අදාළ නඩුව ප්‍රසන්න ද සිල්වා සහ ඛේමා ස්වර්ණාධිපති යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවනු ලැබුවා. පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සදහන් කළේ සුදු බිත්තරයක් සදහා රුපියල් 42 ක් ද රතු බිත්තරයක් සදහා රුපියල් 44 ක් වන උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවයි.

බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා සදහන් කළේ මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනයේ තිබෙන පාලන මිල ගණන්වලට වඩා නව මිල ගණන් අඩු මට්ටමක පවතින බවයි. තම සේවා දායකයන් එම මිල ගණන් සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමකට පත් නොවන බවද ඔහු කියා සිටියා.

පෙත්සම විභාගයට ගැනීමට නියම කරන ලෙස ජනාධිපති නීතිඥවරයා කළ ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය නඩුව පෙබරවාරි මස 6 වනදා විභාගයට ගැනීමට තීරණය කළා. බිත්තර සදහා පාලන මිලක් නියම කරමින් ඉකුත් අගෝස්තු මස 19 වනදා පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කිරීමට ද අභියාචනාධිකරණය කටයුතු කළා.

 

The post පාරිභෝගික අධිකාරියේ බිත්තර මිලට බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය එකඟ නොවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG