Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශසීමාවේ රාජකාරියේ නිරතව සිටි ඉන්දීය – චීන යුද සෙබලුන් අතර ගැටුමක්  

Add comments

දේශසීමාවේ රාජකාරියේ නිරතව සිටි ඉන්දීය චීන යුද සෙබලුන් අතර  ගැටුමක් හට ගත් බව ඉන්දියාව නිවේදනය කරනවා.

අරුණාචල් ප්‍රදේශ් කදුකර දේශසීමාවේදීයී මෙම ගැටුම් හටගෙන ඇත්තේ. වසරකට වැඩි කාලයකට පසුව දෙපාර්ශ්වය අතර ගැටුම් හටගත් පළමු අවස්ථාව මෙයයි. දෙපාර්ශ්වයේම   යුද සෙබලුන් කිහිප දෙනෙකු ප්‍රහාරයන්ගෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. චීනය සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු නිවේදනවක් මේ වන තෙක් නිකුත් නොකළද ඉන්දියාව පවසන්නේ තම සෙබලුන් 6 දෙනෙකු තුවාල ලබා ඇති  බවයි. ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ හමුදා ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවති බවද සදහන්. 2020 වසරේදී මේ ආකාරයෙන් දෙපාර්ශ්වය අතර හටගත් ගැටුමකින් හමුදා සෙබලුන් 24 දෙනෙකු ජීවිතක්ෂයට  පත් වුණා.

 

 

 

The post දේශසීමාවේ රාජකාරියේ නිරතව සිටි ඉන්දීය – චීන යුද සෙබලුන් අතර ගැටුමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG