විදුලි මෝටර් රථ නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛතම සමාගමක් වන ටෙස්ලා සමාගම පසුගිය වසරේදි මෝටර් රථ මිලියන එකයි දශම තුනක් නිෂ්පාදනය කර තිබෙනවා.
2021 වසර සාපේක්ෂව එම සමාගමේ නිෂ්පාදන 40%කින් ඉහළයාමක් ලෙසයි මෙය සැලකෙන්නේ. එමෙන්ම 2022 වසරේ අවසන් මාස තුනේදි පමණක් නිෂ්පාදනය කර ඇති මෝටර් රථ සංඛ්‍යාව හාරලක්ෂ පන්දහසකට අධිකයි. ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ මෝටර් රථ ඉල්ලුම පසුගිය වසර තුළදි අවම මට්ටමක පැවතියද විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ සදහා ඇති ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වුවද කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ සැපයුම්දාම බිදවැටීමත් සමග මෝටර් රථ නිෂ්පාදනයට දැඩි අභියෝගයක් එල්ලවු බව ටෙස්ලා සමාගම නිවේදනය කරනවා. මේ අතර පරිසර උෂ්ණත්වය පහළ යාමත් සමග ටෙස්ලා මෝටර් රථ ධාවනය කළ හැකි දුර ප්‍රමාණය පහළ යාම හේතුවෙන් දකුණු කොරියාව එම සමාගමට ඇමෙරිකා ඩොලර් මිලියන 2.2ක දඩමුදලක් නියම කර තිබෙනවා.
The post ටෙස්ලා සමාගම පසුගිය වසරේදි මෝටර් රථ මිලියන 1.3ක් නිෂ්පාදනය කරයි appeared first on ITN News.
Post a Comment