ඉරාන රාජ්‍ය විරෝධි උද්ඝෝෂණවලට සහභාගි වු තවත් පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දන්ඩනය ලබා දී ඇති බව වාර්තා වනවා.
පොලිස් අත්අඩංගුවේ සිටියදි කාන්තාවක් ජිවිතක්ෂයට පත්වීම හේතුවෙන් ඉරානය පුරා රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ ආරම්භ කෙරුණා. උද්ඝෝෂණ අතරතුරදි පොලිසිය සමග හටගත් ගැටුම්වලින් සිය ගණනක පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. එමෙන්ම තවත් දහස් ගණනක් පොලිස් අත්අඩංගුවේ පසුවනවා. ඔවුන්ට විරුද්ධව නඩු විභාග සිදු කෙරෙන අතර සිය ගණනක පිරිසකට මරණ දණ්ඩනය හිමිවනු ඇති බවටයි මානව හිමිකම් සංවිධාන බිය පල කරන්නේ. රාජ්‍ය විරෝධි උද්ඝෝෂණවලට සහභාගීවිමට වරදකරු වු පුද්ගලයින් පස් දෙනෙකුට ඉරාන බලධාරීන් මරණ දඩුවම ලබාදී තිබෙනවා.
The post ඉරාන රාජ්‍ය විරෝධි උද්ඝෝෂණවලට සහභාගි වු තවත් දෙදෙනෙකුට මරණ දන්ඩනය appeared first on ITN News.
Post a Comment