සවුදි අරාබියට බලපා ඇති අයහපත් කාලගුණයෙන් හදිසි ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ජෙඩා, මක්කම හා මදීනා යන නගරවලටයි වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ.
ඉදිරියේදි ද අධික වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ අංශ අනාවැකි පල කරනවා.
පසුගිය බ්‍රහස්පතින්දා සිට සවුදි අරාබියේ ප්‍රදේශ රැසකට අධික වර්ෂාවෙන් බලපෑම් එල්ල වි තිබෙනවා. අධික වර්ෂාපතනයෙන් මක්කම වන්දනාකරුවන් ද අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
පාසල් හා විශ්වවිද්‍යාල ද තාවකාලිකව වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ. 2009 වසරේ දි මේ ආකාරයට හටගත් ගංවතුරෙන් එරට පුද්ගලයින් 123 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
The post සවුදියට බලපා ඇති අයහපත් කාලගුණයෙන් හදිසි ගංවතුර තත්වයක් appeared first on ITN News.
Post a Comment