පාකිස්තානය මුහුණදී සිටින ආර්ථීක අර්බුදය හේතුවෙන් එරට සුපිරි වෙළද මධ්‍යස්ථාන නියමිත වේලාවට පෙර වසා දමන ලෙසට එරට රජය නියෝග කළා.
විදුලි පරිභෝජනය අවම කිරීම එහි අරමුණයි. එම තීරණය හරහා මසකට පකිස්තාන රුපියල් බිලියන 62කක මුදලක් ඉතිරි කර ගත හැකි බවයි පකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ.
පකිස්තානයේ විදුලි බලය උත්පාදනය කරන්නේ ඛණිජ තෙල් යොදා ගනිමින්. ගෝලීය ඛණිජ තෙල් මිල ඉහළ යාමත් සමග දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තානයට එය දරා ගත නොහැකි මට්ටමට පැමිණ තිබෙනවා.
එමෙන්ම විදේශ සංචිත අවම වීමත් සමග ඛණිජ තෙල් සදහා ගෙවීම් සිදුකිරීමේ දි ඒ පිළිබද වැඩි අවධානයක් යොමු කිරීමටයි සිදුව ඇත්තේ.
නව තීරණයත් සමග පකිස්තානයේ සියලු සිපුරි වෙළදසැල් රාත්‍රී 8.30 වන විට වසා දැමිය යුතු අතර සියලු රජයේ ආයතන විදුලි පරිභෝජන 30%කින් අවම කළ යුතු බවයි රජය නිවේදනය කරන්නේ.
එමෙන්ම ලබන ජූලි මාසයේ සිට කාර්යක්ෂම නොවන විදුලි පංකා නිෂ්පාදනය ද තහනම් කර තිබෙනවා.
The post පාකිස්තානයේ සුපිරි වෙළඳ මධ්‍යස්ථාන නියමිත වේලාවට පෙර වසා දැමීමට එරට රජය නියෝග කරයි appeared first on ITN News.
Post a Comment