ඇමරිකානු පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා කථානායකවරයෙකු පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමේදී කතානායකවරයාට සුදුස්සෙකු තෝරා ගැනීමට නොහැකි වී තිබෙනවා.
ඇමෙරිකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඡන්ද විමසීමකදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා කථානායකවරයෙකු තෝරා ගැනීමට නොහැකි වූ පළමු අවස්ථාව මෙය වනවා.
පසුගිය 2022 වසරේ නොවැම්බර් මාසයේ පැවති මධ්‍ය කාලීන මැතිවරණයෙන් පසු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය හිමි වී ඇත්තේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්රටික් පක්ෂයට නොවන අතර ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයටයි.
ඒ අනුව ඩිමොක්රටික් පක්ෂ කතානායක නැන්සි පෙලෝසී එම තනතුරෙන් ඉවත් වුණා.
ඉන් අනතුරුව රිපබ්ලිකන් පක්ෂයෙන් කතානායකවරයා ලෙස නම් කර ඇත්තේ කෙවින් මැකාතියි.
ඔහු කතානායක තනතුරට පත්වීම රිපබ්ලිකන් පක්ෂය මෙන්ම ඩිමොක්රටික් පක්ෂයේ මනාපය ද අවශ්‍ය වනවා.
The post පළමු වටයේ ඡන්දයෙන් නව කථානායක තෝරා ගැනීමට ඇමෙරිකා පාර්ලිමේන්තුවට නොහැකි වෙයි appeared first on ITN News.
Post a Comment