බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස ලූලා ද සිල්වා දිවුරුම් දී තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති මැතිවරණයෙන් ලූලා ද සිල්වා සියයට 50 යි දශම නවයක් ලබාගත් අතර ඒ සමගම වත්මන් ජනාධිපති ජයර් බොල්සනාරෝට සිය ධුරය අහිමිවුණා. 77 වන වියෙහි පසුවන ලූලා ද සිල්වා ජනාධිපති ධුරයට පත්වූ තුන්වන අවස්ථාවද මෙය වනවා. ඔහු 2003 සහ 2010 අතර කාලයේ දී බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙසට කටයුතු කළා. හිටපු ජනාධිපති ජයර් බොල්සනාරෝ මේ වනවිට ඇමෙරිකාවට ගොස් ඇති බවයි විදෙස් මාධය වාර්තා කරන්නේ. ඒ නව ජනාධිපති ලූලා ද සිල්වාගේ දිවුරුම් දීමේ උත්සවය මගහැරීමේ අරමුණෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post ලූලා ද සිල්වා බ්‍රසීලයේ නව ජනාධිපති ලෙස දිවුරුම් දෙයි appeared first on ITN News.
Post a Comment