ජම්මු කාශ්මීර් ප්රදේශයේ හිම ක්රීඩා සදහා සුප්රසිද්ධ ස්ථානයක් වන ගුල්මාර්ග් හි ඇති වු හිම කදු කඩා වැටීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
හිම කදු කඩා වැටීම සිදුවන අවස්ථාවේ පුද්ගලයින් රැසක් එම ප්රදේශයේ හිම ක්රීඩාවල නිරත වෙමින් සිටි බවයි වාර්තා වන්නේ. මිය ගිය පුද්ගලයින් දෙදෙනා පෝලන්ත ජාතිකයින් බව හදුනාගෙන තිබෙනවා.
තවත් පුද්ගලයින් සිව් දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වී ඇති අතර 21 දෙනෙකු පමණ ප්රදේශයේ සිරව සිටි බවයි වාර්තා වන්නේ.
කඩා වැටුණු හිම කන්ද පහළ පිහිටි කුඩා ගංගාවක් අසළින් නැවති ඇති අතර වෙනත් කිසිදු හානියක් සිදු වී නැහැ.
හිම ක්රීඩා කටයුතු සදහා සුප්රසිද්ධ මෙම ප්රදේශයට සෑම ශිත සෘතුවකම සංචාරකයින් සිය ගණනක් තම නිවාඩුව ගත කිරීම සදහා පැමිණෙනවා.
The post ජම්මු කාශ්මීර් ප්රදේශයේ හිම කඳු කඩා වැටීමකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment