Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි  

Add comments

උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා තිබෙනවා.

මෙම මිසයිලය ජපාන මුහුදු සීමාවේ පතිත වු බවයි ජපාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ. උතුරු කොරියාවේ සිට කිලෝමීටර 900ක් දුරින් වූ ජපාන දකුණු කොරියා ආර්ථික මුහුදු සීමාවේ මෙම මිසයිලය පතිත වූ බව දකුණු කොරියාව ද තහවුරු කරනවා. මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව සඳහන් කරන්නේ තමන් අත්හදා බැලූ මිසයිලය කිලෝමීටර දාහතර දහසක් ගමන් කළ හැකි මිසයිලයක් බවයි. එළඹෙන සතියේ ඇමෙරිකා සහ දකුණු කොරියා ඒකාබද්ධ නාවික යුද පුහුණුවක් සිදුකිරීමට නියමිත අතර ඊට ප්‍රතිඋත්තරයක් ලෙස මෙම මිසයිල අත්හදා බැලීම උතුරු කොරියාව සිදුකළ බවයි විදෙස් විචාරකයන් පවසන්නේ.

 

 

The post උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG