Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්තාන හිටපු ජනපති පර්වේෂ් මුෂාරෆ් අභාවප්‍රාප්ත වෙයි  

Add comments

පාකිස්තාන හිටපු ජනපති පර්වේෂ් මුෂාරෆ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පාකිස්තාන හිටපු ජනාධිපති ජෙනරාල් පර්වේෂ් මුෂාරෆ් අභාවප්‍රාප්ත වන විට 79 වන වියේහි පසුවුණා. ජෙනරාල් පර්වේෂ් මුෂාරෆ් 1999 දී හමුදා කුමන්ත්‍රණයක් මගින් පාකිස්තානයේ බලය ලබා ගත් අතර 2001 / 2008 කාලය තුළ පාකිස්තාන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළා. හිටපු ජනාධිපතිවරයා මියගොස් තිබෙන්නේ ඩුබායිහි තිබෙන රෝහලක දී වන අතර ඔහු 2016 සිටම ඩුබායි රාජ්‍යයේ රැඳී සිටියා. හිටපු ජනාධිපතිවරයා 1999 දී එවකට හිටපු ජනාධිපති නවාස් ෂෙරිෆ් මහතා විදේශ ගතවු අවස්ථාවක හමුදා කුමන්ත්‍රණයක් මගින් පාකිස්තානයේ පාලන බලය ලබා ගත්තා. 2013 වසරේ දී ද ජෙනරාල් පර්වේෂ් මුෂාරෆ් පාකිස්තානයට පැමිණ නැවත මැතිවරිණය ඉදිරපත් වීමට සුදානම් වුවද එහිදි ඔහු අත්අඩංගුවට ගෙන ඔහුගේ ඉදිරිපත් වීම තහනම් කිරීමට එවකට පැවති රජය කටයුතු කළා. පාකිස්තාන හිටපු ජනාධිපතිවරයා මිය යෑමට හේතුව දිගුකාලයක් පැවති දුර්ලබ රෝග තත්ත්වයක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

 

 

 

 

The post පාකිස්තාන හිටපු ජනපති පර්වේෂ් මුෂාරෆ් අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG