බ්‍රිතාන්‍යයේ ගුරුවරුන්,රජයේ සේවකයින් හා දුම්රිය රියදුරන් එක්ව දැවැන්ත විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.
විරෝධතාවය සදහා ලක්ෂ 5ක පමණ පිරිසක් සහභාගී වි සිටි බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
එම පිරිසෙන් ලක්ෂ 3ක පමණ පිරිසක් ගුරුවරුන් බව ද සදහන්. තම වැටුප් ඉහළ නංවන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. තම ඉල්ලීම් ඉටු කිරීමට රජය කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවයි ඔවුන් පවසන්නේ.
දශකයකට පමණ පසු බ්‍රිතාන්‍යයේ පැවති දැවැන්තම විරෝධතාවය මෙය ලෙසයි සැලකෙන්නේ. රටපුරා පාසල් දහස් ගණනක් වසා දැමුණු අතර දුම්රිය සේවා අඩපණ වී තිබුණා.
The post බ්‍රිතාන්‍යයේ ගුරුවරුන්,රජයේ සේවකයින් හා දුම්රිය රියදුරන් දැවැන්ත විරෝධතාවක appeared first on ITN News.
Post a Comment