ග්‍රීසියේ සිදුවූ දුම්රිය අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 57 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම අනතුර වැලැක්වීමට වැළැක්වීමට අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව පවසමින් ඇතැන්ස් අගනුවර පිහිටි දුම්රිය මාර්ග නඩත්තු සමාගම ඉදිරිපිට ජනතාව විරෝධතාවලද නිරත වුණා. විරෝධතා අතරතුරදී ජනතාව හා පොලීසිය අතර දරුණු ගැටුම් හටගත්තා.
අනතුර සිදුවීමට ඉඩදී බලාසිට ඇති බවටයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ. අනතුර හේතුවෙන් ග්‍රීසියේ ප්‍රවාහන අමාත්‍යවරයා ද ඉල්ලා අස් වුණා.
දුම්රිය අනතුරට හේතුව වැරදි සංඥා නිකුත් කිරීම බවයි අග්‍රාමාත්‍ය කයිරියාකොස් මිට්සොතාකිස් සඳහන් කරන්නේ. එරට ඉතිහාසයේ දරුණුතම දුම්රිය අනතුර ද මෙය වනවා.
මගීන් 350 දෙනෙකු රැගත් දුම්රිය ලැරිසා නගරයෙන් පිටත් වී උමං මාර්ගයක ගමන් කර පිටතට පැමිණෙන අවස්ථාවකදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ.
දුම්රිය අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ බොහෝ දෙනෙකුගේ සිරුරු පිලිස්සීමට ලක්ව ඇති අතර අන්‍යන්‍යතාව හදුනාගැනීම සදහා ඩී.එන්.ඒ පරික්ෂණ ද ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
The post ග්‍රීසියේ දුම්රිය අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 57ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment