Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩුබායි මහල් නිවාසයක ගින්නකින් 16 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඩුබායි මහල් නිවාසයක ගින්නකින් පුද්ගලයන් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඩුබායි හි අල්රාස් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක හතරවන මහලේ මෙම ගින්න හටගෙන තිබෙනවා.

සිද්ධියෙන් තවත් 09 දෙනෙකු තුවාල ලබා තිබෙන බවද වාර්තා වනවා.

ඩුබායි රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි එම ගොඩනැගිල්ලේ ආරක්ෂක සැලසුම දුර්වලවීම නිසා මෙම ගින්න ඇතිව තිබෙනවා.

ගොඩනැගිලිවල ඉදිකිරීම්වලදී වහා ගිනිගන්නා ද්‍රව්‍ය භාවිත කොට ඉදිකිරීම ඩුබායි බලධාරීන් තහනම් කර ඇති අතර මෙම ගොඩනැගිල් එම නිර්දේශවලින් තොරව ඉදිකරන ලද්දක් බවයි පැවසෙන්නේ.

ඩුබායි නගරයේ ජනගහනය මිලියන 3.3 ක් වන අතර එයින් 90% ක්ම විදේශිකයන් වනවා.

මෙම ගින්නෙන් හාකියට පත් වින්දිතයන්ගේ ජාතිකත්වය තවමත් අනාවරණය වී නැහැ.

 

 

The post ඩුබායි මහල් නිවාසයක ගින්නකින් 16 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG