Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිවාන මුහුදු කලාපය ආසන්නයේ චීනය සිදුකළ දින 3ක යුද පුහුණුව අවසන්  

Add comments

තායිවාන මුහුදු කලාපය ආසන්නයේ චීනය සිදුකළ දින 3ක යුද පුහුණුව අවසන් කෙරුණා.

තායිවාන ජනාධිපතිවරිය ඇමෙරිකා කතානායකවරයාව කැලිෆෝනියාවේදී හමුවී සාකච්ඡා පැවැත්වීමත් සමගයි චීනය තායිවාන මුහුදු සීමාවේ යුද පුහුණුවක් ආරම්භ කළේ. චීන ප්‍රහාරක ගුවන්යානා කිහිපයක් තායිවාන ගුවන් සීමාව ද ආක්‍රමණය කළ අතර ප්‍රහාරක යානා රැගත් දැවැන්ත යුද නෞකා එම කලාපයේ සැරිසැරූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

තායිවානයේ ජනාධිපතිවරණය තවත් මාස 9කින් පමණ පැවැත්වීමට නියමිත අතර චීනයේ ක්‍රියාකාරකම් දැඩි බලපෑමක් වනු ඇති බව විශ්ලේෂකයින් පවසනවා. පසුගිය වසරේ අගොස්තු මාසයේදී ඇමෙරිකාවේ හිටපු කතානායක නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරයක නිරතවීමත් සමග චීන තායිවාන මත ගැටුම් උග්‍ර වුණා.

 

 

 

 

 

 

The post තායිවාන මුහුදු කලාපය ආසන්නයේ චීනය සිදුකළ දින 3ක යුද පුහුණුව අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG