Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් අරඹයි  

Add comments

බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

වැටුප් ඉහළ දැමීමක් සිදුකරන ලෙස ඉල්ලමින් බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරුන් දින 4 ක වැඩවර්ජනය ඊයේ ආරම්භ කළා.

කෙසේ වුවද වැඩවර්ජනය හේතුවෙන් රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවයි බ්‍රිතාන්‍ය රජය සඳහන් කරන්නේ.

ඊයේ ආරම්භ වූ වැඩවර්ජනය සඳහා බ්‍රිතාන්‍යයේ නවක වෛද්‍යවරුන් දහස් ගණනක් සහභාගිවී සිටි බවයි වාර්තා වන්නේ.

උද්ධමනයට සරිලන ලෙස වැටුප් වර්ධක ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

පසුගිය මාසයේ දී බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙද කාර්ය මණ්ඩලය , ගිලන් රථ සේවකයින් හා රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු කණ්ඩායම් රැසක් වැඩවර්ජනයේ නිරත වුණා.

වසර 75ක ඉතිහාසයේ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය මුහුණපා සිටින දරුණුතම අර්බුදකාරී තත්ත්වය මෙය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

 

 

 

The post බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG