Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව ධනවත්ම පුද්ගලයාගේ වත්කම හිටි හැටියේ පහල වැටෙයි  

Add comments

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන බර්නාඩ් ආර්නෝල්ට්ගේ වත්කම දවසක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.2 කින් අඩු වී තිබෙනවා.

ඇමෙරිකානු ආර්ථිකය දුර්වල වීම හේතුවෙන් සුඛෝපභෝගී භාණ්ඩ වලට ඇති ඉල්ලුම පහල යනු ඇතැයි මතයක් නිර්මාණය වීම හේතුවෙන් එල්වීඑම්එච් සමාගමේ කොටස් අගය පහල වැටීමයි  ඔහුගේ වත්කම දිනක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.2 කින් අඩු වීමට හේතුව.

එල්වීඑම්එච් සමාගමේ කොටස් අගය සියයට 5 කින් පහල වැටී ඇති අතර එය වසරක් තුල එම සමාගමේ කොටස් අගය පහල වැටුණු වැඩිම ප්‍රතිශතය වේ.

ඇමෙරිකානු ඩොලර් බිලියන 11.2 කින් ඔහුගේ වත්කම පහල වැටුණු පසු ඔහුගේ නව වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 191.6 ක් ලෙස සඳහන් වී තිබේ.

ආර්නෝල්ට්ගේ වත්කම පහල යෑමත් සමඟ ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය සිටින ඊලෝන් මස්ක් සහ ඔහු අතර ඇති වත්කමේ පරතරය ඇමෙරිකානු ඩොලර් බිලියන 11.4 ක් දක්වා අඩු වී ඇත.

The post ලොව ධනවත්ම පුද්ගලයාගේ වත්කම හිටි හැටියේ පහල වැටෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG