ඉන්දියාවේ සිදු වු බිහිසුණු දුම්රිය අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 280ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දුම්රිය අනතුර සිදු වු ස්ථානයට ඊයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ද පැමිණි අතර රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන් පිළිබඳව සොයා බැලීමට ද ඔහු කටයුතු කළා.
ඔඩිස්සා ප්‍රාන්තයේ බැල්සෝර් නගරයේ ඊයේ සිදු වු දුම්රිය අනතුර ඉන්දියාවේ සිදු වු තෙවන දරුණුතම දුම්රිය අනතුර ලෙසයි මේ වන විට වාර්තා වන්නේ.
දුම්රිය අනතුරට හේතුව තවමත් තහවුරු කරගෙන නැති අතර දැනට සිදුකර ඇති පරීක්ෂණ අනුව සංඥා පද්ධතියේ ඇති වු දෝෂයක් නිසා අනතුර සිදු වු බව අනුමාන කරනවා.
දුම්රිය අනතුර සිදුවෙද්දි මගී ප්‍රවාහන දුම්රියන් දෙකේ 2000කට අධික මගීන් පිරිසක් ගමන් කළ බව මේ වන විට තහවුරු කරගෙන තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ දුම්රිය ගැටුම් අනතුර පිළිබඳ පරීක්ෂණ කඩිනමින් සිදු කරන බවයි.
The post ඉන්දියාවේ දුම්රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව 280ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment