පාකිස්තානයේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළයයි.
පාකිස්තානයේ උද්ධමන අගය මැයි මාසයේ 37.9%ක් වු වාර්තා ගත අගයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දකුණු ආසියාවේ උද්ධමන අගය ඉහළම රට ලෙස පාකිස්තානය තවදුරටත් රැදී සිටිනවා. අප්‍රේල් මාසයේ වාර්තා වු උද්ධමන අගය 36.4%ක් වු අතර දේශපාලන ගැටුම් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් උද්ධමනය තවදුරටත් ඉහළ ගියා. පාකිස්තානයට බලපා ඇති අධික උද්ධමනය හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව මේ වන විට මද්‍යසාර හා දුම්කොළ නිෂ්පාදන වල මිල 123.96%කින් ද ප්‍රවාහන වියදම් 52.9%කින් ද ආහාර වල මිල 50%කින් ද ඉහළ ගොස් තිබෙන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. 2022 වසරේ දී පාකිස්තානයේ උද්ධමන අගය 29.1%ක් ලෙසයි සටහන් වුනේ.
The post පාකිස්තානයේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළයයි appeared first on ITN News.
Post a Comment