Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔඩිෂා දුම්රිය අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 238 පනී  

Add comments

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ බිහිසුනු දුම්රිය අනතුරක් සිදුව තිබෙනවා.

දුම්රිය තුනක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව දෙසිය තිස් අටක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දුම්රිය අනතුරෙන් 900කට අධික පිරිසක් තුවාල ලබා තිබෙන බවද වාර්තා වනවා.

මෑත කාලයේ ඉන්දියාවේ සිදුවූ මාරාන්තිකම දුම්රිය අනතුර ලෙස මෙය හදුන්වනවා. අනතුරට ලක්ව ඇත්තේ බැංගලෝරයේ සිට හවුරා දක්වා ගමන්කරන සුපර් ෆාස්ට් එක්ස්ප්‍රස් දුම්රියත්, ශාලිමාර් සිට චෙන්නායි ගමන් කරන කොරමැන්ඩල් සීඝ්‍රගාමි දුම්රිය සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියකුයි. පීලි පැන තිබූ දුම්රියක අනෙක් දුම්රියන් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බව වාර්තා වනවා.

ඉන්දීය රජය විසින් මියගිය අය සදහා රුපියල් ලක්ෂ 10ක්ද  බරපතල තුවාල ලැබූවන්ට ලක්ෂ 2ක්ද සුළු තුවාල ලැබූවන් සදහා රුපියල් 50,000 ක්ද වශයෙන් වන්දි ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ වන විට ගිනි ගිවීමේ භටයින් 15 ක්,වෛද්‍යවරුන් 30 දෙනෙකු මෙන්ම ගිලන් රථ 60 ක් ද අනතුර සිදුවූ ස්ථානයේ සිට විපතට පත්වූවන්ට සහන සලසන බවයි වාර්තා වන්නේ. සිදුවූ බිහිසුනු දුම්රිය අනතුර හේතුවෙන් දිගු දුර දුම්රිය ගමන් 18ක් අවලංගු කර තිබෙනවා.

මේ අතර ඔඩිෂා ප්‍රාන්තයේ එක්දින ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් ප්‍රාන්ත මහ ඇමතිවරයා තීරණය කර තිබෙනවා.

ඉන්දියාවේ මීට පෙර සිදුවූ දරුණුම දුම්රිය අනතුර සිදුවූයේ 1981 දී බිහාර් ප්‍රාන්තයේ සුළි කුණාටුවක් හේතුවෙන් මගී දුම්රියක් මුහුණ පෑ අනතුර වන අතර එහිදී පුද්ගලයින් 800ක් මියගියා.

The post ඔඩිෂා දුම්රිය අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 238 පනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG