Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බංග්ලාදේශය පුරා ඩෙංගු සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි  

Add comments

ඩෙංගු රෝගය හේතුවෙන් බංග්ලාදේශයේ මිය ගිය සංඛ්‍යාව දහසකට ආසන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

මෝසම් වර්ෂාව හේතුවන් මේ වන විට ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින බව බංග්ලාදේශ සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

බංග්ලාදේශය මුහුණ දී සිටින බරපතළම වසංගත තත්ත්වයක් ලෙසයි සෞඛ්‍ය අංශ මෙය හඳුන්වන්නේ.

රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට අදාළ අංශ මේ වන තෙක් සමත් වී නොමැති අතර ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරීගොස් ඇති බව ද වාර්තා වනවා.

පසුගිය මාස දෙකක පමණ කාලයක පටන් සෑම දිනකදීම ඩෙංගු රෝගීන් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ.

මෙම වසර තුළ දී වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වනවා.

පළමු වරට බංග්ලාදේශයෙන් ඩෙංගු ආසාදිතයෙකු හමු වී ඇත්තේ 2000 වසරේදියි.

 

 

 

 

 

 

 

The post බංග්ලාදේශය පුරා ඩෙංගු සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG