Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 102ක් දක්වා ඉහළට  

Add comments

ඉන්දියාවේ ගංවතුරෙන් අතුරුදහන් වූ සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊසානදිග සිකිම් ප්‍රාන්තයේ ඇති වු හදිසි ගංවතුර හේතුවෙන් හමුදා සාමාජිකයින් 22 දෙනෙකු ඇතුළු 102 දෙනෙකු අතුරුදහන් වීමෙන් පසු ඔවුන් බේරා ගැනීමට  ඉන්දීය බලධාරීන් කාලය සමඟ තරඟයක නිරත වනවා.

අධික වර්ෂාව හේතුවෙන් හෝනක් වැවේ බැම්ම කැඩී යාමෙන් විශාල ගංවතුර තත්ත්වයක් ඇති වුණා.

ලාචෙන් නිම්නයේ ටීස්ටා ගංගාවේ ජලය සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ ඇති වූ ගංවතුරෙන් පුද්ගලයින් 14 දෙනෙකු ද මිය ගිය බවයි වාර්තා වන්නේ.

සංචාරකයින් 3,000 කට වැඩි පිරිසක් ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශවල මේ වන විටත් අතරමංව සිටින බව බලධාරීන් පවසනවා.

 

 

The post ඉන්දියාවේ ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 102ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG