Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරයේ ජනතාව දැඩි පීඩාවට  

Add comments

දිගින් දිගටම එල්ල වන ගුවන් ප්‍රහාර හා ආහාර මෙන්ම විදුලිය නොමැතිකමින් ද ගාසා තීරයේ ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා.

හමාස් සටන්කාමීන් පසුගිය සෙනසුරාදා එල්ල කළ රොකට් ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය මේ වන විට ගාසා තීරය අල්ලා ගැනීමේ දැඩි මෙහෙයුමක නිරතව සිටිනවා.

මේ වනවිට ගාසා තීරයට සිදු කරන සියලු සැපයුම් අවහිර කිරීමටයි ඊශ්‍රායලය කටයුතු කර ඇත්තේ.

එහි ජනතාව කුසගින්නේ මිය යාමට ඉඩ නොතබා කඩිනමින් ඔවුන්ට අවශ්‍ය ආහාර, ඉන්ධන මෙන්ම ජලයද සැපයීමට ඉඩකඩ ලබාදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

හමාස් සටන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 1200 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

එමෙන්ම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ 1100 කට වැඩි පිරිසක් ද මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් 17 දෙනෙකුද වනවා.

 

 

 

 

The post ගාසා තීරයේ ජනතාව දැඩි පීඩාවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG