Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරයට ඊයේ රාත්‍රියේදීත් ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර මාලාවක්  

Add comments

හමාස් ඉලක්ක වෙත ඊයේ රාත්‍රියේදීත් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඊශ්‍රායලය නිවේදනය කරනවා.

ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ ජබාලියා නගරයේ ඉලක්ක වෙත මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

ප්‍රහාරයන්ගෙන් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායලය පවසනවා.

භූගත බංකරයකට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බවයි ඊශ්‍රායලය තවදුරටත් නිවේදනය කරන්නේ.

මේ අතර ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් රෝහල්ගතව සිටි රෝගීන් පනස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

පසුගිය හත්වනදා ආරම්භ වූ ගැටුම්වලින් මේ වනතෙක් මියගොස් ඇති ඊශ්‍රාලය ජාතිකයින් සංඛ්‍යාව 1400 කට අධික වන අතර තවත් 239 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස හමාස් ග්‍රාහණයේ පසුවනවා.

ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පලස්තීන වැසියන් සංඛ්‍යාව 8500 කට අධිකයි.

තවත් දහස් ගණනක පිරිසක් තුවාල ලබා හා අතුරුදන්ව ඇති බව ද සඳහන්.

 

 

The post ගාසා තීරයට ඊයේ රාත්‍රියේදීත් ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර මාලාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG