Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අමතර සෙබලුන් ලක්ෂ 05ක් අවශ්‍ය බව යුක්‍රේනය කියයි  

Add comments

ඉදිරි යුද මෙහෙයුම් කටයුතු සඳහා තවත් අමතර සෙබලුන් ලක්ෂ 05 ක පමණ පිරිසක් අවශ්‍ය බව යුක්‍රේනය ජනාධිපතිවරයා සඳහන් කරනවා.

රුසියාව යුක්‍රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කර මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇති අතර ඉදිරි මෙහෙයුම් කටයුතුවලට අමතර සෙබලුන් බදවා ගැනීම අනිවාර්ය කාරණයක් වන බව යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි පවසනවා.

ශීත සෘතු සමයේදී රුසියා ප්‍රහාරයන් මැඩ පැවැත්වීමට මෙලෙස ප්‍රබල බලකායක අවශ්‍යතාව මතුව ඇති බවඔහු තවදුරටත් පෙන්වා දෙනවා.

කෙසේ වුවද යුද කටයුතු සඳහා ඇමෙරිකාවෙන් හා යුරෝපා සංගමයෙන් ආධාර ලබාදීම මේ වන විට මන්දගාමී වී ඇති බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකා ඩොලර් බිලියන 60 ක යෝජිත ආධාර පැකේජය ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලය ප්‍රතික්ෂේප කළ අතර ඇමෙරිකා ඩොලර් බිලියන 55 ක යුරෝපා සංගමයේ ආධාර පැකේජය අවහිර කිරීමට හංගේරියාව පියවර ගත්තා.

 

 

 

 

 

 

 

The post අමතර සෙබලුන් ලක්ෂ 05ක් අවශ්‍ය බව යුක්‍රේනය කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG