Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයට බලපෑ ටොනෙඩෝ තත්ත්වයකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඇමෙරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයට බලපෑ සුළි කුණාටු හා ටොනෙඩෝ තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

සුළි කුණාටු හා ටොනෙඩෝ තත්ත්වය හේතුවෙන් ටෙනසි ප්‍රාන්තයේ නගර රැසකට දැඩි හානි සිදුව තිබෙනවා.

නිවාස, ව්‍යාපාරික ස්ථාන හා මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම්වලට ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ 60 දෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඒ අතරින් 9 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද  සදහන්.

හතලිස් දහසක පමණ පිරිසකට විදුලිබලය අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයින් 6 දෙනාගෙන් තුන් දෙනෙකු ටෙනේඩෝවට හසුවීමෙන් හා අනෙක් තුන්දෙනා සුළි කුණාටුවට හසු වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

 

 

 

The post ඇමෙරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයට බලපෑ ටොනෙඩෝ තත්ත්වයකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG