Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායලය උතුරු ගාසා තීරයට පහර දෙමින් ඛාන් යුනිස් ප්‍රදේශයට ගමන් කරයි  

Add comments

ඊශ්‍රායලය උතුරු ගාසා තීරයට පහර දෙමින් සිය යුධ ටැංකි ඛාන් යුනිස් ප්‍රදේශය වෙත ගමන් කරවීම ආරම්භ කර තිබෙනවා.

ඊශ්‍රායල යුද ටැංකි ගාසා තීරයේ දකුණු දිග නගරයක් වන ඛාන් යුනිස් වෙත තවදුරටත් ගමන් කරමින් සිටින අතර ඊශ්‍රායලය සිවිල් වැසියන්ට නගර මධ්‍යයෙන් පලා යන ලෙස නියෝග කර තිබෙනවා.

නගරයේ රෝහල් අධ්‍යක්ෂවරයෙක් පවසන්නේ තුවාලකරුවන්ගේ සංඛ්‍යාව සමඟ සාර්ථකව කටයුතු කිරීමට කාර්ය මණ්ඩලය වෙහෙසෙන බවත් වෛද්‍ය සැපයුම්, ආහාර, ජලය සහ ඉන්ධන සංචිත අඩුවෙමින් පවතින බවත්ය.

උතුරු ගාසා තීරය ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන ගුවන් ප්‍රහාරයන් හි වැඩි වීමක් දක්නට ලැබෙන අතර හමාස් සංවිධානය ද දකුණු සහ මධ්‍යම ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කරන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

සිරකරුවන් හුවමාරුවක් සඳහා වන තම ඉල්ලීම් ඉටු නොකළහොත් කිසිදු ප්‍රාණ ඇපකරුවෙකුට පණපිටින් ගාසා තීරයෙන් පිටව යාමට ඉඩ නොදෙන බවට හමාස් තර්ජනය කරනවා.

කෙසේ වුවද ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ හමාස් සාමාජිකයින් සිය ගනනක් යටත් වීමත් සමග එය හමාස් සංවිධානයේ අවසානයේ ආරම්භය වී ඇති බවයි.

 

 

The post ඊශ්‍රායලය උතුරු ගාසා තීරයට පහර දෙමින් ඛාන් යුනිස් ප්‍රදේශයට ගමන් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG