Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හමාස් සංවිධානයෙන් තර්ජනාත්මක ඉල්ලීමක්  

Add comments

සිරකරුවන් හුවමාරුවක් සඳහා වන තම ඉල්ලීම ඉටු නොකල හොත් එකදු ප්‍රාණ ඇපකරුවකුටවත් ගාසාතීරයෙන් පණ පිටින් පිටව යාමට ඉඩ නොතබන බවට හමාස් සංවිධානය පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ හමාස් සටන්කාමීන් දුසින් ගනනක් යටත් වී ඇති බවයි.

මෙය අවසානයේ ආරම්භය බව ද ඔහු පවසා තිබෙනවා.ඊශ්‍රායලය හා හමාස් අතර මැදිහත්කරුවන කටාර් රාජ්‍යය පවසන්නේ දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් ඇති වීමේ අවස්ථා අවම බවයි.

ගාසා තීරයේ ඛාන් යුනිස් නගරයෙන් පලා යන ලෙස සිවිල් වැසියන්ට ඊශ්‍රායලය නියෝග කර තිබෙනවා.

එහෙත් ගාසා තීරයේ දිනෙන් දින මිය යන සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

The post හමාස් සංවිධානයෙන් තර්ජනාත්මක ඉල්ලීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG