Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායලය – හමාස් සටන් විරාමය අවසන්  

Add comments

සටන් විරාමය අවසන් වීමත් සමඟ ඊශ්‍රායලය ගාසා තීරයට යළිත් වරක් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වනවා.

දින 7කට පසු ගාසා තීරයේ අහස යළිත් වරක් වෙඩි හඩින් දොන්කාර දෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ෂෙල් ප්‍රහාර හා මෝටාර් ප්‍රහාර මෙන්ම කුඩා ආයුධ වල ගෝෂාව ද නිමක් නැතුව ඇසෙන බවයි වාර්තා වන්නේ.

දින 7ක සටන් විරාමය අවසන් වන විට ජෙට් යානා මගින් ගාසා තීරයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කෙරුණේ හමාස් සටන්කාමින් තම භූමියට වෙඩි තබන බවට ඊශ්‍රායලය චෝදනා එල්ල කිරීමෙන් පසුවයි.

දෙපාර්ශවය අතර සටන් විරාම කාලය තුළ හමාස් සංවිධානය රදවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් 110 දෙනෙකු සහ ඊශ්‍රායල රදවාගෙන සිටි පලස්තීන සිරකරුවන් 240 දෙනෙකු නිදහස් කෙරු‍ණා.

 

 

 

 

 

The post ඊශ්‍රායලය – හමාස් සටන් විරාමය අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG