Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශගුණික සමුළුව අමතමින් චාල්ස් රජු කළ අනතුරු ඇඟවීම  

Add comments

දේශගුණික අර්බුදයේ අනතුරු ඇඟවීමේ සලකුණු නොසලකා හැරීම තුළන් විනාශකාරී ප්‍රතිවිපාක ඇතිකරමින් ලෝකය භයානක හදුනානොගත් ප්‍රදේශයක් කරා ගමන් කරමින් සිටින බව බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු පවසනවා.

ඩුබායිහිදී කෝප් 28 දේශගුණික සමුළුව අමතමිනුයි චාල්ස් රජු මේ බව කියා සිටියේ.

සමුළුවේ ආරම්භක දේශනය පවත්වමින් චාල්ස් රජු තවදුරටත් කියා සිටියේ මෙම ගැටලුවලට වි සඳුම් සෙවිම සඳහා කෝප් 28 සමුළුව තීරණාත්මක සන්ධිස්ථානයක් වේවායි ප්‍රාර්ථනා කරන බවයි.

කාලගුණ විපර්යාස හමුවේ ලෝකය සමතුලිතතාවෙන් හා සම්මතයන්ගෙන් පිටත හදුනානොගත් ප්‍රදේශයකට ගෙන යමින් සිටින බවද ඔහු පැවසුවා.

කැනඩාවේ පෙර නොවූ විරූ ලැව්ගිනි, පාකිස්ථානයේ හා බංග්ලාදේශයේ දරුණු ගංවතුර සහ නැගෙනහිර අප්‍රිකාවේ ව්‍යසනකාරී නියගය ඊට උදාහරණ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වසරේ මෙම දේශගුණික විපර්යාස සඳහා හේතුවන කාලගුණය පිළිබඳ සඳහන් කරමින් චාල්ස් රජු තවදුරටත් කියා සිටියේ ලෝකය පිළිබඳ බලාපොරොත්තුව මෙම සමුළුවේදී ගන්නා තීරණ මත රැඳී පවත්නා බවයි.

පෘථිවිය අපට අයිති නැති බවත් අප පෘථිවියට අයිති බවත් චාල්ස් රජු මෙහිදී පැවසුවා.

 

 

The post දේශගුණික සමුළුව අමතමින් චාල්ස් රජු කළ අනතුරු ඇඟවීම appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG