Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුද්ධය දිගටම කරගෙන යන බව ඊශ්‍රායලය පවසයි  

Add comments

ජාත්‍යන්තරයේ සහයෝගය ඇතිව හෝ නැතිව ගාසා යුද්ධය දිගටම කරගෙන යන බව ඊශ්‍රායලය පවසනවා.

ජාත්‍යන්තර බලපෑම් නොතකා යුද්ධයෙන් අවසන් ජයග්‍රහණය  ලැබෙන තෙක් අඛණ්ඩව සටන් කිරීම තම අරමුණ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

සටන් විරාමයකට එළඹීම හමාස් සංවිධානයට ලබා දෙන ත්‍යාගයක් සේ තමන් සළකන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එබැවින් කිසිවිටෙක සටන් විරාමයක් ක්‍රියාත්මක නොවනු ඇති බව ඔහු පවසනවා.

මේ අතර ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා වන යෝජනාවක් ජගත් මහ මණ්ඩලය පසුගිය අගහරුවාදා සම්මත කළා.

ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ඊට විරුද්ධව ඡන්දය භාවිත කර තිබුණා.

මේ අතර ගාසා තීරයේ බොහෝ වැසියන් ප්‍රහාරවලට බියෙන් රාත්‍රි කාලය ඉතා අසීරුවෙන් ගත කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

The post යුද්ධය දිගටම කරගෙන යන බව ඊශ්‍රායලය පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG